Sunday, September 22, 2024

අවුරුදු සමයෙන් පසුව වාර්තා වූ රෝගීන් ගණන 18992 ක් ! ඊයේත් වැඩිම ආසාදිතයන් බස්නාහිරින් ..

Must read

රජය විසින් නිසි ක්‍රියාමාර්ග නොගැනිම නිසා වත්මන් කොරෝනා රැල්ල අවුරුදු සමයෙන් පසු පිමි පනිමින් වර්ධනය වෙමින් තිබේ.

ඒ අනුව දැනටමත් අවුරුදු සමයෙන් පසු කොරෝනා රෝගින් 18992 ක් වාර්තා වි තිබේ.
මේ අතර බස්නාහිර පළාත තුළින් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා වාර්තා වී තිබෙන බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබුණි

ඒ අනුව කොළඹ (498), ගම්පහ (387) හා කලුතර (377) යන දිස්ත්‍රික්ක තුළින් ඊයේ දිනයේදීද ලංකාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී සමස්ත ආසාදිතයන් 1939ක් වාර්තා වූ අතර එයින් ආසාදිතයන් 42ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි. ඉතිරි ආසාදිතයන් දේශීයව හඳුනාගෙන තිබේ.

බස්නාහිර පළාත හැරුණු විට සෙසු පළාත් තුළින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 635 කි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)