Sunday, September 22, 2024

අරක්කු ව්‍යාපාරය සිංහල- බෞද්ධයින් අතට ගැනීමේ සැලසුමක්!

Must read

wechat sharing button

( 3.30 pm ) කලක සිටම මෙරට මත්පැන් නිෂ්පාදනය ඒකාධිකාරය පවත්වා ගෙන යනු ලබන්නේ

අන්‍යාගමික ව්‍යාපාරිකයින් විසින් බවත්, එම ආධිපත්‍ය බිඳ දැමීම කාලින අවශ්‍යතාවයක් බවත් මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ සිංහල -බෞද්ධ ව්‍යාපාරිකයකු පැවසිය.

ඔහු එබව පැවසුයේ මත්පැන් නිෂ්පාදනයේ නියැලී සිටින හැරී ජයවර්ධන, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අර්ජුන් ඇලෝසියස් වැනි ප්‍රබලයිට එරෙහිව අන්තවාදී සිංහල සංවිධානයක හිමිවරුන් පිරිසක් විසින් ආරම්භකර ඇති මාධ්‍ය මෙහෙයුම සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.

හැරී ජයවර්ධනගේ මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ දැමීම සඳහා පසුගිය මාස කිහිපයෙහි ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක් බලවත් උත්සහයක් දැරූ අතර, මේවනවිට බරපතල චෝදනාවක් එල්ලවෙමින් ඇත්තේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙතය. 

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ‘වයඹ ඩිස්ටලරීස් සමාගම’ කාලයක් පුරාවටම රජයට හිමිවිය යුතු ආදායම් බදුනොගවීම නිසාම සුරාබදු දෙපාර්තමේන්තුව එම බලපත්‍රය අත්හිටවන ලද බවත්, පසුව ඉහලින් ආ නියෝගයක් මත වහාම එකී බලපත්‍රය ලබාදී ඇති බවත්, ඒ අනුව රටේ ජනතාවට හිමිවීමට තිබු රුපියල් කෝටි 134 මුදලක් අහිමි වී ඇති බවත් මාධ්‍ය හරහා චෝදනා එල්ල වෙමින් තිබේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ අරක්කු කොම්පැනියේ මහා බදු වංචාවක් සිදුව ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති ‘සිංහලයේ’ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ ද පැවසුහ.

CID ය මැඩිල්ලේ හිමිගේ පන්සලට පනී!

එම ප්‍රකාශයෙන් පසු තමන් වහන්සේ වැඩ වෙසෙන විහාරස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පැමිණි බව උන්වහන්සේ පවසති.

නීතිඥ සහාය නොමැතිව තමන් ගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කළ බවද උන් වහන්සේ චෝදනා කරති.

තමන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී එළි කරන ලද තොරතුරු හේතුවෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කිරීමට ගිය බවද උන්වහන්සේ සඳහන් කරති.

ප්‍රබල මැදිහත් වීමක් හේතුවෙන් මෙම කඩිනම් ප්‍රශ්න කිරීම සඳහා යොමු වී ඇති බවත් උන්වහන්සේ පැවසූහ.

කෙසේ නමුත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් ප්‍රකාශයක් දෙන බවත් උන් වහන්සේ කියා සිටිති.

තමන් වහන්සේ විසින් හෙළිකරන ලද කාරණා සම්බන්ධයෙන් නොව තමන් වහන්සේ ගැන පරීක්ෂණ කිරීමට මෙතරම් කඩිනම් වීම විමතියට කරුණක් බවත් උන්වහන්සේ පැවසූහ.

අරක්කු ව්‍යාපාරයෙන් පොහොසතුන් වූ සිංහලයෝ :

ලංකාවේ නූතන ඉතිහාසය හැඩගැස්වීමේලා අරක්කු ඉටු කර තිබෙන කාර්යභාරය ඉතාමත් සුවිශේෂය. එය සිංහල ධනපති පන්තිය බිහි කළ ප්‍රධානතම ආර්ථික මාර්ගය ලෙස සැලකිය හැකිය.

බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ප්‍රධාන බරපැන දරන්නන් ලෙස ක්‍රියා කළෝ අරක්කු ව්‍යාපාරිකයෝය. 

අමද්‍යප ව්‍යාපාරයේ පුද්ගලයන් කිහිපදෙනෙකු හැර (අනගාරික ධර්මපාල හා ඩී.බී. ජයතිලක වැනි) අන් සියලුදෙනා අරක්කු ප්‍රචලිත කළ, අරක්කුවලින් ධනය උපයා ගත් අරක්කු ව්‍යාපාරිකයන්ගේ දරුවන් ලෙස සැලකිය හැකිය. 

ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ ප්‍රධාන නායකයන් බවට පත්වන්නේද ඔවුහුය.
කොළඹ පිහිටි ඇතැම් ජනප්‍රිය සිංහල -බෞද්ධ විදුහල් ආරම්භ කළේ එසේ අරක්කු ව්‍යාපාරයෙන් ආර්ථික ශක්තිය ලබාගත් මහ ධනපතියන්ය. 

බ්‍රිතාන්‍ය යටත් විජිත සමය සහ ශ්‍රී ලංකාවේ අරක්කු රේන්ද ව්‍යාපාරය ගැන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කියන කථාවක්. 

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)