Sunday, September 22, 2024

අගමැති පොලොන්නරුවෙන් කියා පෝස්ටර් ගහලා!

Must read

”අද පොළොන්නරුවේ පෝස්ටර් ගහලා තියෙනවා ඊලඟ අගමැති පොළොන්නරුවෙන් කියලා. ගොනා හැරෙන්නේ පොල් පැළේට කියලා

අපිට හොදට තේරේනවා. මෛත්‍රී මේ එන්න හදන්නේ මොකාට ද කියලා අපිට හොදට තේරෙනවා. ඒකයි අපි කියන්නේ මෛත්‍රීට ගෑවුන එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා. මේ රටේ ඊළඟ අගමැති වෙන කවුරුත් නෙමෙයි. මහින්ද මහත්තයා තමයි මේ රටේ ඊළග අගමැති. ඒක වෙනස් කරන්න කාටවත් බෑ.” යයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

ඇමතිවරයා එබව සඳහන් කළේ බෙලිඅත්ත ප්‍රදේශයේ පහුගිය දා (03) පැවති රැස්වීමක දීය. අගමැති මහින්ද රාජපක්ෂ, ඇමති චමල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්. පීරිස්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අය ද එම අවස්ථාවට එක්ව සිටියේය.

”අපි පොහොට්ටුවේ, මෙදා සන්ධාන පිළිබද වගකීමක් නැහැ”

ශ්‍රිලනිපය සමග සන්ධාන ගත වුයේ ජනාධිපතිවරණයට පමණක් බවත් එය මහ මැතිවරණයට වලංගු නැති බව ද එහිදී අවධාරණය කර සිටි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා, මෙවර මහ මැතිවරණයට තමන් ඇතුළු පිරිස ඉදිරිපත් ව ඇත්තේ සන්ධානයකින් නොවන බවත්, තමන් ඇතුළු පිරිස ඉදිරිපත් ව ඇත්තේ පොහොට්ටුව ලකුණින් බවත් ඒ නිසා සන්ධාන පිළිබද තමන්ට වගකීමක් නොමැති බවත් කියා සිටියේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මෙසේ ද කීවේය.

”මම හැමදාම හැමතැනම කියන දේ තමයි මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියන එක. මෛත්‍රී හිටපු ජනාධිපතිවරයා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මහින්ද මහත්තයත් එක්ක එදා රෑට කාලා කරඬුව ඔළුවේ තියාගෙන ගිහින් මහින්ද මහත්තයාගේ පිටට පිහියෙන් ඇන්න කෙනෙක් තමයි මෛත්‍රී. එහෙම මිනිහෙක් ව විශ්වාස කරන්නේ කොහොම ද? 2015 මහින්දට අගමැති වෙන්න තිබුණු අවස්ථාව නැති කළේ මෛත්‍රී.

දැන් සමහරු කියනවා අපි මේ මහ මැතිවරණයට තරග කරන්නේ සන්ධානයකින් කියලා. අපි සන්ධානය ගැහුවේ ජනාධිපතිවරණයට විතරයි. මහ මැතිවරණයට ඔය සන්ධාන අදාළ නෑ. එදා ජනාධිපතිවරණයට ගහපු සන්ධාන මහ මැතිවරනයට වලංගු නෑ.

Prasanna Ranathunga

ජනාධිපතිවරණයට අපි සන්ධාන ගැහුවේ 51% ගන්න. එයාලා කපටි වෙනකොට අපිත් ටිකක් කපටි විදිහට වැඩ කළා. මම මෙච්චර කෑ ගහන මිනිහා අඩියක් පස්සට අරන් ඒකට එකඟ වුණේ 51% ගන්න ඕන නිසා. සන්ධානය ගැහුවේ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා. දැන් ඒක ඉවරයි. මේ මැතිවරණයේ අපි ඉල්ලන්නේ සන්ධානයකින් නෙමෙයි. ඒ නිසා සන්ධානයේ කොන්දේසි උල්ලංඝණය කරනවා යැයි කාටවත් මට චෝදනා කරන්න බෑ.

”සභාපති මෛත්‍රී නෙමෙයි, ජී.එල්.පීරිස් ඇමතිතුමායි ”

සමහරු කියනවා ඔය සන්ධානයේ සභාපති මෛත්‍රී කියලා. මම නම් ඔය සන්ධානයට ගෑවෙන්නෙවත් නෑ. මතක තියා ගන්න මේ මැතිවරණයට අපි ඉල්ලන්නේ සන්ධානයකින් නෙමෙයි.  පොහොට්ටුවෙන්. ඒකේ නායකයා මහින්ද, සභාපති ජී.එල්.පීරිස් ඇමතිතුමා. ඔය උකුස්සන්ගේ සන්ධානය අපිට අදාළ නෑ. අපි ඕවාට එදා එකග වුණෙත් නෑ. අද එකගත් නෑ. හෙට එකග වෙන්නෙත් නෑ.

අපි මේ මැතිවරණයේ මන්ත්‍රීධූර 150 ක් ගන්නයි මේ උත්සාහ කරන්නේ. අපි මන්ත්‍රීධූර 150 ක් ගන්නකොට මහින්ද මහත්තයාව දාලා යන්නේ නැති පිරිසක් පාර්ලිමේන්තුවට ගන්න ඕනේ.

මෛත්‍රීගේ අය දිනලා ඇවිත් කකුලෙන් ඇද්දොත් අපි මොකද කරන්නේ?

දැන් පොහොට්ටුව ලකුණින් මෛත්‍රීගේ පිරිසක් තරග වදිනවා. අනුරාධපුරයෙන් 03, පොළොන්නරුවෙන් 03, කුරුණෑගලින් 02, ගම්පහින් 01, හම්බන්තොටිනුත් 01. ඒවගේ රට පුරාම ඉන්නවා. ඒ අයගෙන් 10ක්වත් පාර්ලිමේන්තුවට ඇවිත් අපිට කොන්දේසි දැම්මොත්, ගෝඨාභය මහත්තයාගේ කකුලෙන් ඇද්දොත් අපි මොකද කරන්නේ? ඒකයි මම කියන්නේ මෛත්‍රීට ගෑවුණු කිසිවෙක්වත් පාර්ලිමේන්තුවට යවන්න එපා කියලා.

පක්ෂයකින් ඉල්ලනවා නම් මේ අය අඩුම තරමේ පක්ෂයේ නායකයාගේ පිංතූරේවත් ගහගෙන යන්න එපැයැ. මේ කවුරුත් මෛත්‍රී ගේ පිංතූරේ ගහගෙන යන්නේ නෑ. එහෙම කළොත් බඩු බනිස් කියලා එයාලා දන්නවා. මම අභියෝග කරනවා පුළුවන් නම් මෛත්‍රීගේ ෆොටෝ ගහගෙන ගිහින් දිනලා පෙන්වන්න.”

ජනපති ගෝඨාභය, මෛත්‍රී සමග කැන්වසිනුත් යයි

එසේ, අගමැති මහින්ද රාජපක්ෂ සිටින වේදිකාවේ සිට අමාත්‍ය ප්‍රසන්න රණතුංග හිටපු ජනාධිපති, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන ව පතුරු ගහද්දි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (ජුලි 06) පොදුජන පෙරමුණේ මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට එක්වුයේ මෛත්‍රීපාල සිරිසේන සමගය.
theleader.lk

Gotabaya Maithripala dudly
Gotabaya Maithripala 2020
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)